Saturday, August 11, 2012

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය!!!!



මේක ලියන්ඩ හිතුනේ මුණුපොතේ තිබුණ රූපයක් දැකල.................


තම්බලීන දන්නවා දැන්මේක කියවන උදවිය කිසි කිසි ගාලා ලෙසටම ෆොටෝ 1 හොයනවා කියලා.......



හෝව්  හෝව් ..... ටයිට්ල් එකෙන්ම තේරෙනවනේ ඉවසීම පුහුණු කෙරීම ගැන කියන්නේ කියල.........ඉතිං මොකද්ද කඩි කුලප්පුව ඉවසල ඉන්නවල්ලකෝ!!!!!


ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...... කියල හැමෝම දන්නා කවිය මාත් දැනගෙන උන්නා ,,

කැම්පස් 1 ට ගියාම නම ඉතින් එකේ තව වර්ෂන් එකුකත් කට පාඩම් කොරා (ඒ වගෙත් කතා ගොඩක් ඇත )


හරි දැන් කතාව..............


ඔන්න මේ තාක්ශනේ එච්චර දියුණු නැති කාලේ ( මේ කියන්නේ එකදාස් නවසිය අග කාලේ,මම දන්නේ ඒ කාලේ තමයි, වැලි සෙල්ලම් බත් උයපු ඒ කාලේ)

tv, radio  තිබුනට telephone එහෙමනම් හරි අඩුයි.මමත් ඔන්න ජ : දුක 1 ක් ඉස්සෙල්ලම දැක්කේ අර
ගඩොල් සයිස් 1 , 
 අපේ වෙද බාප්පා ගාව තිබුන 1 තමයි.මට නම එක මාර මැජික් කොළ පාටයි රෝස පාටයි බොත්තම් තිබ්බ කීක්‌ කීක්‌ ගානවා ඒවා ඔබන කොට. හිහ හිහ හිහ්හ්හ්හ්හ්...........!!!!!
 දැන් නම කටු ගෙට වත් දාලද මන්ද ,

හා ඉන්ඩකෝ ඉතින් ඔන්න ඉන්ටෙර්නෙට් කියන්නේ මොනවද කියල දැනගෙන හිටියෙත් කීයෙන් කීදෙනා ද?
ඔන්න ටික ටික ලියුම් යවන එක ටෙලි ග්රෑම් ගහන විදිය එහෙම අමතක උනා ලු ඒවා snail mail   ලු. වේගෙන් දුවන ලෝකේ ඒවා ස්ලෝව් උනා.
ඊට පස්සේ ආපි හැම ගෙදරටම ක්‍රීං ක්‍රීං ගාන ටෙලි පෝන්,  ජ : දු ක ,නෙට් කැෆේ .....

ඔන්න ගෙවල් වල ඉඳලම ඉන්ටෙර්නෙට් යන්ද පුළුවන් විදියක් එහෙමත් ආවලු telecom  dial up connection!!!! හුරේ!!!!

 ඒ කාලේ ඉන්ටෙර්නෙට් කාර්ඩ් එහෙම ගෙනල්ල ,
ටෙලෙපොන්වයර් කොම්පුටෙරේට ඇදගෙන,
 අමාරුවෙන් තම්බලීනත් ඉන්ටෙර්නෙට් ලොග් උනාලු. 

මේ විදියට ගියපු අය නම් දන්නවනේ ස්පීඩ් 1 කොහොමද කියල. අයෙ ලොවෙත් නෑ............
ගානත් එච්චරම තමයි >>>>>>
තම්බලීන නම ඒ දවස වල සෑහෙන්ඩ ඉවසීම පුහුණු කරා......
රතු කට්ට කියල 1 ක් තිබ්බෙම නෑ....


ඔන්න දැන් තමයි ඉවසීම ගැන කියන්නේ... 
එතකොට නෙට් ස්පීඩ් එක කොච්චර ස්ලෝව් උනත් මම පේජ් 1 ක් ලෝඩ් වෙනකන් පුදුම විදියට ඉවසුවා............
වෙන කරන්ඩ දෙයකුත් නෑනේ#$#^%$^@$@#
ඒ කාලේ මගේ අතිජාත  computer එකත් මාර ස්පීඩ් ලු ........
කොච්චර ස්පීඩ් ද කියනවා නම් මම ගෙදරදී කොම්පුටෙරෙන් ඉන්ටෙර්නෙට් නෑ ගම් යන එක නවත්තලා
 ජ: දුක ට බැස්සා ......


තම්බලීන ඉන්නේ ටිකක් පිටිසර සුන්දර ගම පලාතක නිසාත්,කදු පල්ලම් එහෙම හිටු කියල තියෙන නිසාත් වැඩිපුරම ජ: දුකට  එන්නේ සිග්නල් වෙනුවට ක්ලොගාඩ් ලු ( ඒ කාලේ අහ්හ්හ් ...........මම කැම්පස් යන කන්ම හිටියනේ මුන් coverage එක වැඩි කරන්ඩ TNNNNNNNNNNNNN )

 කාලෙකට පස්සෙන් broad band පහසුකම අපිටත් හම්බුනාලු, අනේ ද කියන්නේ තම්බලීනා කැම්පස්  ගියාම වැඩිය ගෙදර නැති හින්ද ගෙදර නිසි බලදාරියෝ ගෘහස්ත වියදම් අඩු කරන්ඩ ඒ connection එක අත් හිටවලා............. බලමුකෝ එකෙත් හැටි!!!!!!! මොකටද නිකන් බිල ගෙවන්නේ නේද මෙයා?????
  :( දුක තමයි රංජනී!!!!!!!!!!!


ඔන්‍න‍ හයි ස්පීඩ් ඉන්ටෙනෙට් ආවලු. කිසි කිසි ගාල පිටු පෙරලේනවලු, බා ගන්නවලු, උඩ යවනවලු,දැන් ඉන්න සමහර පොඩි එවුන්ට ඒකත් මදි ලු..... 
උන් දන්නේ නෑ නේ  අපි අමාරුවෙන් පැය ගානක් කුරුවල් වෙලා මෙව්වා කරා කියල....

දැන් ඉවසුව ඇති  ඔන්‍න‍ පොටෝ කෑල්ල තියෙනවා!!!!

ඉස්සරෝම මුණු පොතේ දැක්කේ මේක!!!!!!





පස්සේ  google දෙයියන්ගේ පිහිටෙන් මේ 2 ත් හොයා ගත්තෝ!!!!












දැකපු ගමන් මුණු  ඇඹුල් වුනා නේ? මම දන්නවා!!!!

 
හා දැන් කියමු බලන්ඩ මේ  උඩින් පේන්ඩ තියෙන්නේ  වර්තමාන පරපුරේ නැතිවී ගෙන යන ඉවසීම පුරුදු කරන්ඩ දරන පුංචි අහිංසක  උත්සාහයක් නෙවෙයිද? ??????

මම නම් කියන්නේ මේ වගේ එව්වා ඉදිරියටත් තියෙන්ඩ ඕනේ, පැය ගානක් ඉවසපු මට උනත් මේ රුප දැක්කම  එපා වෙනවා , තද වෙනවා, ඒත් .............................

මට මේ ෆොටෝ කෑලි දැක්කම හිතෙනවා මේ තියෙන්නේ ,
 එක එක්කෙනා පාගාගෙන හයි ස්පීඩ්  දුවන මේ ලෝකේ එක ඩිංගක් හරි ස්ලෝ කරන්ඩ ,
දඩස්  ගාල ගන්න ක්ෂණික තීරණ වෙනස් කරන්ඩ , 
හිටු කියල ලෝකයක් නැතුව චැට් කරද්දී enter key එක press කරන එක පොඩ්ඩක් පමා කරලා හරි කෙනාට හරි දේ කියනවද වැරදි දෙයක් නෙවෙයිද කියන්නේ කියල හිතල බලන්ඩ අපිට ලැබෙනපට්ට චාන්ස් 1ක්  නේද කියල?????????


තම්බලීනට හිතෙන වට වඩා වෙනස් දෙයක් හරි මේ කියන දේ ගැන කියවන ඔයාට හිතෙන දේ හරි  තම්බලීනගේ ලෝකේ ගැන හරි නැත්නම් ඉතින් මම ගැන හරි පහලින් කොටලා යනවනම් තම්බලීන ආසයි ලූ!!!!!!!!


{අනේ මන්ද කියන්ඩ ගියපු දේ අන්තිමට කියවුනේ , හරියට කියගන්ඩ බැරි උනාද මන්ද, කමක් නෑ , අයෙ මුල ඉඳල ලියන්ඩ තරම් තම්බලීනාට ඉවසීමක් නැත නිසාම පබ්ලිෂ් කෙරුවෝ!!!!!!!!!!!!!!}


Please Wait...................
Next Blog  is Pending...................................

3 comments:

  1. අපෝ නෑ මේ යන විදිහ හොදයි ඇත්ත අපි ඔය කට්ට කෑවා තමා එත් අපි ඉස්සරහට නෙට් ‍යන්නත් එපැයි.අනික වෙන රටවල් වල exlpire වුන technology අපි තම use කරන්නෙ.අපිට මේක ස්පීඩ් වගෙ දැනුනට අපි ලොකෙත් එක්ක බලදි මේවා පට්ට ස්ලොව්.ෆයිබර් වලින් ගෙදරටම නෙට් දෙන tecnology එක කොයි කාලෙ මෙහෙට එයිද තාම එවා අපිට හීන විතරයි :/

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එකත ඇත්ත තමයි අනේ අපි නම තවමත් කට්ට කනවා!!!! 3 වෙනි ලෝකේ රටවල් නේ !!!!!!!!!

      Delete
  2. හෙමිට කියවපු නිසා හොඳටම තේරුනා..සහතික ඇත්ත කතාවක්..
    ජය වේවා!! :D

    ReplyDelete