Thursday, August 9, 2012

වාසනාව දොර ඇරලා බලනවා!!!!!!!!!!!!

මේක මම ලියන්න හිතුවේ උදේම මතක් උණු දෙයක් නිසා.

මම දැන් මාස 2 තිස්සෙන්ම උදේට නැගිටින්නේ "අනේ අදවත් ස්ට්‍රියික් ඉවරයි කියලා නිව්ස් 1 ක් ලැබේවා"  කියල පතාගෙන... ඒත් අද හදිසියෙන්ම හිතුන මම කොච්චර වාසනාවන්ත ද කියලා!!!

මොකද දන්නවද ????????????????

හේතු නම් ගොඩාක් තියෙනවා

1. මම ඒ ලෙවල් 1st shy කරේ 2009 හැබැයි මම ඒ පාර ආපු කැම්පස් 1 ට ගියේ නෑ.(යන්ඩ හිත දුන්නෙම නෑ, ගියා නම් අද වයඹේ නෙවෙයි)

2. 2 shy  එකෙත් ඔන්න සිලෙක්ට් උනා ,(2010 දෙසැම්බර් )
    (ඒ පාර නම්  හිතාගෙන හිටියේ සබ්ජෙක්ට් 3  ම පේල් වුනත් ආයේ නම් මේ කට්ට කන්නේ නෑ මයි කියල වෙලාවට පාස් උනා. )

3.ඔන්න ඒ  පාර කියපි සුදුබන්ඩ මාමා  අපිට කෝටි ගානක් දීල හමුදා පුහුනුවක්‌ දෙන්ඩ යනවා කියල. (2011 මැයිද කොහෙද)
    (එක ම  ජංජාලයයි!!!! අපිත් ඉතින් ඔන්න ඔහේ බලාගෙන හිටිය ඕන ඉටිගෙඩියක් කියල.කට්ටියකට ලියුම් එහෙමත් ඇවිල්ල,)

4.ඔන්න අපේ අර ඉංගිරිසි හෝඩියේ අන්තිම අකුරට ලැබිච්චි ලකුණට අදාළකොර්ස්‌ 1 ඉන්ටර්නෙට්ටුවේ දාලලු. (2011 ජූනි මුලම)
    {දැන් තමයි හොදම හරිය, මටත් 1 ක් ඇවිල්ල,
    වැඩේ කියන්නේ මම ඉතින් ෆෝර්ම් පිරෙව්වේ වැඩිය හිතල නෙවෙයි,මට ඔය ෆෝර්ම් දාන කාලේ mumps හැදිලා හොදටම අමාරු වෙලා හිටියේ.
    කල් යවන්ඩ බැරි නිසා තිබුණු ලකුණු පිළිවෙලට පිරෙව්වා.පේරා විතරක් ඉල්ලන්ඩ කියලා තමයි අපේ ගෙදර උපදෙස්,එකම ළමය ඈත යවන්ඩ බෑ ලු. හි හී මම ඒ වුනාට කොලොම්පුරෙත් ඉල්ලුවලු ආහ්හ් !!!!
    හැබැයි වයඹ නම් ඉල්ලුවේ ජොලියට වගේ එන එකක් නෑ කයලා හිතුවේ  ,ඒ වුනාට දැන් හිතෙනවා  මන්තර ආච්චි තම්බලීනාට  එවපු මොකද්දෝ අදිසි බලවේගයක් වද්ද කියල,
     ඒ දවස වල නම ඇපීල් එහෙමත් දැම්මලු ඒත් හරි ගියේම නෑ , කවුද  දන්නේ ඉරණම තියෙන්නේ එහෙ වෙන්ඩ ඇති }


5. අහ්හ් අපිටත් ලියුම් ආව හමුදා නෙවෙයි නායකත්ව පුහුණුවකට එන්ඩය කියලා( 2011 ජූනි මුල )
    (අපේ ටෙලිපොන් 1 පට්ට බිසී!!! අයි අප්පා හතර වටේ කෝල් කරනවා
    අපේ අනිත් සුරංගනාවියෝ න්ට ලියුම් ඇවිල්ලද බලන්ඩ්, හි හි හි  අහන අහන හැමෝටම තම්බලීනගේ කෑම්ප් 1 මයි!!!!! "ඔන්න තව පුරස්නයක් ඒකේ කෙල්ලෝ විතරද දන්නේ නෑ නේද?")


6. අපි කෑම්ප් ගියාලු  ( 2011 ජූනි මැද )
    ගියේ මින්නේරියේ කාලතුවක්කු හමුදා පාසලට 1 ඒත් අපිට පට්ට අත්දැකීම ගොඩාක් ලැබුන. කොහොම හරි අපි නම ෆන් එකේ හිටිය ලු... ආහ්!!! ඒවා ගැන වෙනම කියනවලු!!!






7. මෙන්න බොලේ අපිට එක ඉවර උනාම ඉංගිරිසි කොම්පුටෙර්  උගන්නනවලු POP (2011 අගෝස්තු)
    ( එකටත් අපි ගියා ලු ඉඩ නෑ කියද්දී බලෙන් ම ලු ගියෙ තමබලීනයි තව එන්ජල් කෙනෙකුයි නම් ගියෙ  ඒ ලග තිබුණු කඩේක උඳු වඩේ කන්ඩම බලාගෙන නෙවෙයිලු අහ්හ්!!!!)

8. අප්පා කැම්පස්  එන්ඩ ලූ....................................... 2011 සැප්තැම්බර්
    ( කුලියාපිටියේ ගියා රෙජිස්ටෙර් උනා , අනේ මට මෙච්චර දුර එන්ඩ බෑ  කියල හිතුන, ඔන්න එතකොට කියපි ඔයාලගේ ෆැකල්ටිය මෙහෙ නෙවෙයි තියෙන්නේ......... ආහ්  එහෙනම්???
    මාකඳුරේ කියල කියපි ඒකත් ජයසිරි මංගලම්)

9. අපි මාකඳුරේ ගියා ලූ කැම්පස් පටන් ගත්තලු......... 2011 ඔක්තෝබර් 17
    ( හරි සතුටුයි මම හිතුවාට වඩා කොච්චර හොදද ලස්සනයි සුන්දරයි  ඒකෙන ම එල කිරි අහ්හ් තව අවුරුදු 4 කට මගේ නිවහන මෙහෙ තමයි කතා ගොඩක් දැනටමත්  තියෙනවලු!!!!!!!!!!)

















තව හේතු නම් ගොඩාක් ඇත  හරි දැන් කොහොමද ඕව හින්ද මම වාසනාවන්තයි කියන්නේ?????


ඇයි  අප්පා මම පලවෙනි පාර කැම්පස් ගියානම් නායකත්ව පුහුණු,pop,ඔය හැම එකක්ම හින්ද යාළුවො ගොඩක් හම්බු වෙන්න තිබුණු චාන්ස් 1 තම්බලීනට නැති වෙනවා නේ!! ආ ..... ඇයි වයඹ ???????

මට බැරි වෙලා වත් ඩොකෙක් වෙන්ඩ හිතුන නම් 3 වෙනි පාරත් exaam ලියනවනේ !!!!!!
 අප්පේ මගේ තුන් හිතකවත් එහෙම නොතිබුණු 1 වාසනාවන්!!!!!! එහෙනම් ඉතින් මටත් වෙන්නේ Z මගුලක් අල්ලාගෙන වෙන අතක බලා ගන් ඩ තමයි$%$#$#$%##  (ඉක්මනටන්ම මේ අවුල ලිහල හැමෝටම සාධරනයක් වේවා කියලා පතනව ඕනන,හිතේ කොහොම දුකක් ඇද්ද කියල තේරෙන්නේ අපිත් ඔය කටු කාල ඒ ලෙවල් ගොඩ දාගෙන  කැම්පස් ගියපු  ඈයෝ නිසා තමයි, මොකද අපිට පිටරට යන්ඩ වත්  ප්‍රයිවට්
 කැම්පස් යන්ඩ වත් ආර්ථික හයියක් නෑ නේ!! අනේ මන්තර ආච්චිත් දන්නා මන්තර සේරම ජප කරනවා හිටු කියල බලමුකෝ එහෙමත් කරලා !!!!

mumps හැදිලා නොතිබූ නා  නම් මම කීයටවත් වයඹ ඉල්ලන 1 ක් නෑ, දුරයි කියල,
ඒ කාලේ අපි එහෙමයි,
එහෙම උනා නම් මට ගොඩක් දේවල් miss වෙනවා,මොකද මට food science නෙවෙයි  bio science කරන්ඩ වෙන නිසා
අපේ 1 කේ ෆන් වැඩ ගොඩාක් තියෙනවා ලෙක් වලදී නින්ද ගියාට ඔය කෑම හදන්ඩ කන්ඩ බොන්ඩ මාළු අල්ලන්ඩ,තව තව ඇක්ටිව් වැඩ බොහොමයක් ඇත ......තම්බලීනට ඇති පදම් නොමිලේ අයිස් කිරීම් කන්ඩත් චාන්ස් 1 ක් වැදුන මාසයක්ම 1 වෙනි සෙමෙස්ටර්  1ම..........

මේ දවස වල ස්ට්‍රයික් උනාට අනේ ඒක කවදාහරි ඉවරත් වෙනවා නේ,


ඔන්න මට අද උදේම හිතුනු දේවල් වලින් කොටහක් .... මේ  කියන්නේ අනිත් අය අවාසනාවන්තයි කියල එහෙම නෙවෙයි හරිය .........
තම්බලීනාට වෙච්චි හැම දෙයක්ම උනේ වාසනාවට කියලා!!!!!!!!!!!!

ඒ හින්ද තමයි තම්බලීන දන්නා හැමෝටම කියන්නේ EVERY THING HAPPENS FOR THE BETTERMENT!!!!!! කියලා

(දන්නා සිංහලෙන් අපි කියන්නේ හැමදේම වෙන්නේ හොදට ලූ ......................)

ධනාත්මක චින්තනයෙන් අපි පෙරට හේ හෙහ් හෙහ් හෙහ්හ් එහ්හ්හ්හ්හ්හ්හ්








  

No comments:

Post a Comment