Tuesday, August 7, 2012

ආවා ආවා තම්බ්ලීනා ආවා!!!!!!

  පොඩියට හිටපු තම්බලීන කෙල්ල දන බ්ලොග් එකකුත් ලියනවලු!!!!
පාවී පාවී ඔහේ ගෙවන ගන්ධබ්බ කාලේ තියෙන්නේ A\L ඉවරඋනාම කියල තමයි මේ තම්බලීනා හිතාගෙන හිටියේ . 
ඒ උනාට කැම්පස් ආපු පළවෙනි අවුරුද්දෙම මම තේරුම් ගත්තු දේ තමයි තව එහෙම කාල ඇතිවෙන්ඩ ගොඩක් අවස්ථා තියෙන්න පුළුවන් කියන එක.
උදාහරණය :-ඉල්ලීම් දෙනකන් කැම්පස් වහල තියන මේ කාලේ වගේ
ස්ට්‍රයික් වලට කැම්පස් වහල දාල මාස2 වෙන්ඩ ආව !!!!!!!!

අනේ ඉතින් කොරන්ඩ දෙයක් නැතුව කකා බිබී  ඉන්ඩ වුනා නේ!
අපේ  බැච් එකේ කොල්ලෝ නම් හිටු කියල ට්‍රිප් එහම යනවලු. ආතල් එකේ ඉන්නවලු
අනේ ඉතින් කෙල්ලෝ වෙච්චි අපි කියල උන් ට්‍රිප් ගිහින්  අප්ලෝඩ් කරන පොටෝ බල බල හූල්ල හූල්ල ඉන්නවලු.
හැමෝම නෙවි ඉතින් මම වගේ කට්ටිය. 
අනිත් අය නම්  ඔන්න වට්ටි පිරෙන කන් මල් කඩලා පූජා කොර කොර ඉන්නවලු.

මට කරන්ඩම දෙයක් නැතුව ඉන්න කොට එ‍ක එක බ්ලොග් කියෙව්වා ඔන්න එතකොට හිතුන  මාත් බ්ලොග් පත්තරයක් වත් ලිව්වනම් හොදයි කියල. 

******
ඔන්න අද එහෙම  සති ගානක් හිතල low budget high quality (කියල හිතාගෙන ඉන්න) සුරංගනා කතා පොතක පෙරවදන දොරට වැඩියලූ.

ඉස්සරහට  පිටු පෙරලෙන කොට 
කතා මතු වෙනවලූ !!!!!!!!!
එව්වා කියවල කැමති නම කොමෙන්ටුවක් එහෙම දාල සුබපතල හරි බැනල හරි ගියාට  පාඩු නෑ ඕං!!! 



සුරංගනා කතා කියන මේ තම්බලීනා ඔයාල දන්නා කෙනා වගේ පුංචි නම් නෑ හරිද
  ඒ විතරක්ද පෙනෙන දුරත් සුලුපටු නෑ  
එහෙනම්  ඕන් මන්තර ආච්චි ගෙන එහෙම අවසර අරන් තම්බලීන ලියන්ඩ පටන් ගත්තලු ඈහ්හ්!!!!!!!
ඔඕන් වර වර එස්වඃ #$##$^%&^*^%@#$@%
අහස දෙබෑ කරගෙන් පොලව පලාගෙන උඩින්  වර !!!යටින්වර !!!!!!!!!

මේ තම්බලීනගේ බ්ලොග් පත්තරේ කියවන්ට  ...... 
පොඩි ළමයි ලොකු ළමයි ,
ඇටිකිච්චෝ පොල්කිච්චෝ, 
අගුටුමිට්ටෝ ලිලිපුට්ටෝ,ගලිවරයෝ,
ලස්සන කුමාරයෝ කුමාරියෝ 
විතරක් නෙවෙයි 
නපුරු කුඩම්මල නපුරු පිසාචයෝ
රා ක්සයෝ රාක්ෂියෝ යෝධයෝ
වරෙල්ල්ලා!!!!!!!!!!!!!!!!!!!!!
 ඔක්කොමල්ලටම  ආරාධනා කරා!!!!!!!
(කවුරු හරි අමතක උනාද?)
 එකසිය විස්සට දෙසිය විස්සක්  ආයුබෝ ආවඩා!!!!


එහෙනං  ආයිබෝං  ඕං නමෝ විත්තියෙන්ම පටන් ගත්තා!!!!!


  තම්බලීනා  LOADING.................... Please wait............

7 comments:

  1. එල එල දිගට ලියන් ‍යමු ජය වෙවා......!
    ලස්සන කුමරයොන්ට එන්න කියලා අරාධනා කරලා තිබ්බ නිසා ඕන් ආවා ;)

    ReplyDelete
    Replies
    1. Word verification අයින් කලා නම් හොදයි.
      නැත්නම් කට්ටියට කමෙන්ට් කරන්න ගියාම කරදරයි.

      Delete
  2. හා පුරා කියල කොමෙන්ට් කරාට මඩයට තැන්කු වේවා!!!!!
    ps. මේ තවම බ්ලොග් කෙරුවාවට අලුත් හින්ද දෙන උපදෙස් අවවාද වලටත් තැන්කු!!!!!

    ReplyDelete
    Replies
    1. එල එල :)
      දිගට ලියන් යමු අපි එන්නම් කියවන්න

      Delete
  3. ජය වේවා..!!!
    ලියන ලියන පොස්ට් එක හොඳට ලියවේවා..!!!

    ReplyDelete
  4. ස්තුතියි!!!!! තැන්කු !!!!!!!!!!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete